FAST NEWS

24×7 Around the Globe

අද (27) මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ දුම්රිය වර්ජනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය නියාමකයන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි ප්‍රධාන ලේකම් පී එම් පී පීරිස් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ විනයභාරව ක්‍රියාකරන නිලධාරියාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම වර්ජනයට සහය දක්වන්නේද යන්න පිළිබඳව අද (27) පස්වරුවේ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් සිය සංගමයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව දුම්රිය ලොකොමොටිව් රියැදුරන්ගේ සංගම ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේය.