FAST NEWS

24×7 Around the Globe

කාබන් බද්දට එරෙහිව මාතලේ පාසල් බස් රථ රියදුරන් පාරට බසී..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) –  කාබන් බද්දට විරෝධය පළකරමින් මාතලේ පාසල් බස් රථ රියදුරන් අද (26) වන දින මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක නිරත විය.
දුම් පරික්ෂාව සඳහා බද්දක් අයකර තිබියදී තවත් බද්දක් ගෙවීමට සිදුවීමෙන් පාසල් සිසුන් ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථ ගැටලු රැසකට මුහුණ දෙන බව ඔවුන් සදහන් කරයි.
විරෝධතාකරුවන් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථ සඳහා ලබාදෙනු ලබන සහනය පවා අහිමිවීමෙන් පාසල් බස් රථ සේවයේ යෙදෙන්නන් එම කර්මාන්තයෙන් ඉවත්වීමේ අවධානමක පවතින බැවින් පොදු ප්‍රවාහන සේවයට ලබාදෙන සහනය හෝ ලබාදී මෙම බස් රථ සේවය ආරක්ෂා කිරීමට රජයට බල කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.