FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සති 06 ක ඇප..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -සෞදි අරාබියේ වානේ කර්මාන්තශාලාවක හිමිකාරීත්වය සනාථ කිරීමට නොහැකි වීම ඇතුළු වංචා දූෂණ චෝදනා කිහිපයක් සනාථ වීම හේතුවෙන් වසර හතක සිර දඬුවමක් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට සති 06 ක කාලයක් සඳහා අද (26) ඇප හිමීව තිබේ.
හිටපු අග්‍රාමාත්‍යවරයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සඳහන් කරමින් ඉදිරිපත් කරමීන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලිමෙන් අනතුරුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ඇප ලබා දීම සිදු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කියයි.
වංචා දූෂණ, ආදායම් උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි වීම යනාදි චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තානය ශ්‍රේෂ්ඨාධිකරණය 2017 වසරේ ජූලි මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු යැයි ද තීරණය කළේය.