FAST NEWS

24×7 Around the Globe

හෝර්ටන්තැන්න ඩ්‍රෝන කැමරාවකිනින් ඡායාරූපගත කළ විදේශිකයින්ට දඩ..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කිරීමේ චෝදනාවට වරද පිළිගත් චීන ජාතිකයන් තිදෙනෙකුට දඩ මුදලක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (26) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙස එහිදී නියම කරනු ලැබුවේය.
මෙම විදේශිකයන් තිදෙනා හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුව කිසිවෙකුට නොදැනෙන පරිදි අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කරමින් සිටියදි හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (25) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.