FAST NEWS

24×7 Around the Globe

හෙට (27) සිට කාසි නිකුත් කරන්න මහ බැංකුවෙන් විශේෂ කවුළුවක්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – හෙට (27) සිට මහජනතාවට කාසි නිකුත් කිරීම සඳහා විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ බිම් මහලේ මෙම කවුළුව ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර , රජයේ සහ බැංකු නිවාඩු දිනවල හැර සෑම සතියකම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා එය විවෘත කර තැබෙනු ඇත.
එක් අයෙක් සඳහා එක් වරකට නිකුත් කරන අවම කාසි ප්‍රමාණය එක් මුහුණත වටිනාකමකින් කාසි 100 ක පැකට් එකක් වන අතර රුපියල රුපියල් 02 රුපියල්05 සහ රුපියල් 10 යන ඕනෑම වටිනාකමකින් යුත් කාසි සියය බැගින් වන පැකට් රුපියල් 20,000 ක උපරිම වටිනාකමකට යටත්ව මෙම කවුළුව මඟින් ලබාගත හැක.
මීට අමතරව මහ බැංකුව සදහන් කරන්නේ කාසි තොග වශයෙන් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින්ට සහ ආයතනවලට සිය කාසි අවශ්‍යතාවන් පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිය වෙත ඉල්ලුම්පත්‍රයක් රාජකාරී දින දෙකකට පෙර යොමුකිරීමෙන් කාසී ලබාගැනීමේ පහසුකම සලසා ඇති බවයි.