FAST NEWS

24×7 Around the Globe

සංචාරක සේවා ලියාපදිංචි කිරීමේ එක් දින සේවයක්…

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – ලංකාවේ විවිධ ප්‍රදේශවල ඇති සංචාරක නවාතැන් සහ වෙනත් සංචාරක සේවාවන් සපයන ආයතන එක් දිනක් තුළ ලියාපදිංචි කරවීම සඳහා නව වැඩපිළිවෙලක් සකසන බවත් , ඒ අනුව මෙහිදී එම කාණ්ඩ යටතේ ලියාපදිංචිය, බලපත්‍ර නිකුත් කිරීම සහ බලපත්‍ර අලුත් කරවීම යනාදී කරුණු සිදු කෙරෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් දැන්වීම් ලබන සතියේදී භාෂා තුනෙන්ම ප්‍රසිද්ධියට පත් කිරිමටද කටයුතු යොදා ඇත.
මෙහිදී ඊට අදාළ කාණ්ඩ යටතේ සම්පූර්ණ ලියකියවිලි ඉදිරිපත් කිරීම අනිවාර්ය වී තිබේ. අදාළ ලියකියවිලි පිළිබඳ තොරතුරු http://www.sltda.lk/online-tourism-business-licensing-services වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.