FAST NEWS

24×7 Around the Globe

කඩුවෙල – බියගම මාර්ගය අද (26) රාත්‍රියේ සිට වැසෙයි..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – කඩුවෙල – බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කඩුවෙල සිට බියගම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර තිබේ.
අද (26) සිට ලබන 29 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා මාර්ගය වසා තැබෙන අතර , ඒ මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
අදාළ කාලසීමාව තුළදී අධිවේගී මාර්ගයේ ගුවන් පාලම භාවිත කළ හැකි බවද පොලීසිය සඳහන් කළේය.