FAST NEWS

24×7 Around the Globe

හෙද වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (26) මේ වන විට ආරම්භ වී තිබේ.
වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාළ ඉල්ලීම් පිලිබද සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිහිපයක් සිදුකළ බවත් ,එහිදී එකවූ කරුණු මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් අද සහ හෙට සිය සංගමයේ සමාජිකයින් ලෙඩ නිවාඩු වාර්තා කරන බව එම සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ (25) මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මේ අතර අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සංගමයේ කිසිදු සමාජිකයකු සහභාගී නොවන බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය අවාධාරණය කර සිටියි.