FAST NEWS

24×7 Around the Globe

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදී පතාල සාමාජිකයෙක් සැලකෙන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුගිය පෙබරවාරි 17 වන දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට ද උත්සාහ කර ඇති බවද පැවසේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව පැවසේ.
සැකකරු 36 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ‍ඔහු අද (26) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසීය පැවසීය.