FAST NEWS

24×7 Around the Globe

වියළි කාළගුණය ඉදිරියටත් පැවතියහොත් පුද්ගලික අංශයෙන් විදුලිය ගැනීමේ සූදානමක්..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) – වියළි කාළගුණය දිගු කලක් පැවතියහොත් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදීගෙන හෝ විදුලි කප්පාදුව අත්හිටුවීමට පියවර ගන්නා බව විදුලි බල අමාත්‍යංශය පවසා සිටියි.
හැකි සෑම අවස්ථාවකම විදුලි කප්පාදුව සිදු නොකර සිටීමට පියවර ගන්නා බවත් , ලබන මස මැද භාගය වන විට විදුලි කප්පාදුව අත්හිටුවීමට හැකිවනු ඇති බවත් අමාත්‍යංශය ලේකම් සුරේන් බටගොඩ මහතා සදහන් කළේය.
පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීමට සිදුවවහොත් එක් විදුලි ඒකකයක් රුපියල් 25 ක මිලකට පමණක් මිලදී ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.
එහිදී රජයට කිසිදු පාඩුවක් සිදුනොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.