FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය පක්ෂය සදහා ඖෂධ මිලදී ගැනීමේදී 05% ක වට්ටමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පූජ්‍ය පක්ෂය සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් මගින් ඖෂධ මිල දී ගැනීමේ දී 05% ක වට්ටමක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව පූජ්‍ය පක්‍ෂයේ සඳහා එම සහනය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම් රූමි මහතා හට අද (25) උපදෙස් දුන් බව එම අමාත්‍යාංශයයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.