FAST NEWS

24×7 Around the Globe

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුදැයි රතන හිමීයෝ කියති..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , ගම්පහ සණස ශාලාවේදී පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුහ.
  
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියෝ,
 
“මේ පුජනීය පින්බිම වස විසෙන් තොර කරලා මුළු ලෝකයටම පෙන්විය යුතුයි , හොඳම ආහාර පාන නිපදවනු ලබන රටක් බව. මේ අනුව තව වසර දහයක්, පහළොවක් පමණ යනවිට මෙරට දරුවන් නීරෝගීමත් පිරිසක් වේවි.
 
මේ රටේ අනුරාධපුරය , පොළොන්නරුව ඇතුළු රටේ ප්රදේශ ගණනාවකම වස විසෙන් තොර ආහාර පාන වගාකළත් රජය මගින් පොහොර ලබාදීම හේතුවෙන් එය කඩා දැමීම සිදු කළා.
 
රසායනික ද්රව්ය භාවිතයෙන් තොරව කාබනික වගාව යටතේ භෝග වගා කිරීමෙන් වගාකරුවන් ලාභ ලබන තත්ත්වයට පත් උනා.
 
පිටිකිරි ගැන කතා කරන විට දරුවන්ට හරක් කිරි ලබාදීම ලෝකයේ බොහෝ රටවල නතර කරමින් යනවා. දරුවන්ට මවුකිරි ලබාදීම විය යුතුයි. කිරිපිටි පානය කිරීම යනු වසක් පානය කිරීමයි. පිටිකිරි වලට ඌරු තෙල් ඇතුළු විවිධ දේවල් මිශ්ර කරන බව හදුනාගෙන තිබෙන ”