FAST NEWS

24×7 Around the Globe

ජෙෆ්රි අලෝසියස් අත්අඩංගුවට..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තවත් පුද්ගලයින් හතරදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේය.

එ අතර හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ඇතුලූ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනෙක් සිටිති.