FAST NEWS

24×7 Around the Globe

තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන නඩුව සමතයකට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි විත්තිය සහ පැමිණිල්ල අද (25) කොළඹ මහාධිකරණය වෙත දැනුම් දීමට කටයුතු කළේය.
ඒ අනුව එම සමතය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වාර්තා කිරීම සඳහා ලබන මස 04 වනදා නඩුව යලි කැදවීමට නියම කෙරුණි.
පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.