FAST NEWS

24×7 Around the Globe

දිනකට පැය 04ක විදුලි කප්පාදුවක්…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ සියළු ප්‍රදේශ වලට දිනකට පැය 04ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ඒ අනුව දහවල් කාලයේ පැය 03 ක් සහ රාත්‍රි කාලයේ පැයක් බැගින් විදුලි කප්පාදුවක් සිදු⁣කිරීමට නියමිත බවත් එම සංගමය පවසා සිටියි.

දිවා කාලයේදී පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වාත්  අදාළ ප්‍රදේශයන්ට  විදුලිය විසන්ධි වන බව එම සංගමය සදහන් කරයි.

මීට අමතරව රාත්‍රි  කාලයේදී පස්වරු 6 සිට පස්වරු 7 දක්වාත්, පස්වරු 7 සිට 8 දක්වාත්, පස්වරු 8 සිට පස්වරු 9 දක්වාත්, පස්වරු 9 සිට පස්වරු 10 දක්වාත් පැයක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇති.

නමුත් ඉරිදා දිනයේදී විදුලි කප්පාදුවක් සිදුනොකරනු ඇත.

සෙනසුරාදා දිනයේදී පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ඒ අනුව පෙරවරු 8.30 සිට 10.45 දක්වාත්, පෙරවරු 10.45 සිට පස්වරු 1 දක්වාත්, පස්වරු 1 සිට පස්වරු 3.15 දක්වාත්, පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙන බව ඉංජිනේරු සංගමය දැනුම් දෙයි.