FAST NEWS

24×7 Around the Globe

කුමාර වෙල්ගමට එරෙහි නඩුව අප්‍රේල් මස 02 වනදා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අප්‍රේල් මස 02 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) නියෝග කරනු ලැබීය.
මෙහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
කුමාර වෙල්ගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති යනුවෙන් තනතුරක් අලුතින් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.