FAST NEWS

24×7 Around the Globe

‘ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව’ නමින් ස්වාධීන ආයතනයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරීම සඳහා ‘ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව’ නමින් ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙහි මූලික අරමුණ වන්නේ සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම හා පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපන ඇගයීම් සංචිතයක් ප්‍රවර්ධනය කිරීමයි.
දැනට අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය හා ගුණාත්මක කටයුතු සොයා බැලෙන අධ්‍යාපන ගුණාත්මක හා ප්‍රගති ඒකකයේ දිගුවක් ලෙසට මෙම අධ්‍යාපන සුපරීක්ෂණ සේවාව ක්‍රියාත්මක ‍කෙරෙනු ඇත.