FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය දැඩි කඩාවැටීමකට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය මේ වන විට දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙන බව ලංකා වතුසේවා සංගමය පවසයි.
බදු සහන යටතේ මැලේසියාවෙන් හා කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි එම සංගමය ප්‍රකාශ කරන්නේ.
රබර් ෂීට් කිලෝවක් මීට පෙර රුපියල් හයසීයත් පන්සීයත් අතර මුදලකට අලෙවි වී ඇති අතර , බදු සහන යටතේ අඛණ්ඩව රබර් කිරි ගෙන්වීම නිසා මේ වනවිට ලංකාවේ රබර් ෂීට් කිලෝවක මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබෙන බව එහි සභාපති චතුර සමරසිංහ මහතා අවධාරණය කළේය.
මේ හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික රබර් වතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, මීට පෙර ලංකාවට රබර් කිරි ගෙන්වූයේ ලංකාව තුළ රබර් කිරි නිෂ්පාදනය නොවන කාලවලදී පමණක් බවත් සභාපතිවරයා සදහන් කරයි.
රබර් කිරි මිල පහළ යාම නිසා රබර් කිරි ලාබාදීමට වගා කටයුතු කර තිබෙනා ගොවීන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව චතුර සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.