(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුල්මුඩේ ඛණිජ වැනි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන ප්‍රකාශ ගෙන යන බොරු ප්‍රචාරයක් බවත් විල්පත්තුව කියන්නේ රටේ සම්පතක් බවත් විල්පත්තුව විනාශ කරන බවට ලොකු චෝදනාවක් හා බොරුවක් එල්ල කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදි පැවසීය.
පුල්මුඩේ ඛණිජ වැනි නිධිය විදෙස් සමාගමකට විකිණීමට යන බවට කියවෙන මාධ්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සහ විල්පත්තුව වනජීවී කලාපයේ පරිවාරක වනය විනාශ කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
“කිසිම කැබිනට් පත්‍රිකාවක් අනුමත කර හෝ එවැනි කැබිනට් පත්‍රිකාවක් යොමු කර නෑ. වටිනා සම්පත් ලංකාව ඇතුළෙම අගය එකතු කළාම එහි ආදායම එකතු වෙනවා. අගය එකතු කිරීමට කිසිම ආයතනයක් තාම තෝරාගෙන නෑ. ටෙන්ඩර් කරල අප ලබාදෙන්නේ.පුල්මුඩේ ජනතවගේ ඉඩම් අල්ලන්නේ නෑ.වැලි ආරක්ෂා කරන්න වැටක් ගහනකොට එය කරන්න දුන්නේ නෑ.ආයතනය බාර ගත්තට පස්සේ මේ ආයතනය මම පිරිසිදුව ගෙන යනවා.දේශපාලකයෝ පත් කර නෑ. වැදගත් නිලධාරීන් පත් කර තිබෙන්නේ. අගය එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හොත් රටට විශාල ආදායමක් එනවා. විල්පත්තුව ගැන ලොකු චෝදනාවක් හා බොරුවක් එල්ල කරනවා.විල්පත්තු වන විනාශය කියලා අය පටන් ගෙන තිබෙනවා.
ගම්මානයේ පදිංචි වී සිටින්නේ එල් ටී ටී ඊ විසින් පන්නා දමීමෙන් පසු නැවත පදිංචි වූ අයයි. වන රක්ෂණයට ඒ කොටස ඇතුළත් නෑ.වසර 2012 දක්වා ඒ කොටස වන රක්ෂණයට ඇතුළත් වී තිබුණේ නෑ. එයින් තමයි ඉඩම් නිදහස් කළේ.ඉඩම් කච්චේරියක් මඟින් මේ දේවල් සිදු කළේ. ඉඩම් දුන්නට පස්සේ අඟලක්වත් ඉඩමක් දී නෑ. මේ සමාජ මාධ්‍ය මඟින් කරන්නේ මඩ ප්‍රචාරයක්. විල්පත්තුව කියන්නේ රටේ සම්පතක්. එය විනාශ කරලා නම් මට ඔනෑම දඬුවමක් දෙන්න.එක්ක කරන චෝදනා බොරු “
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.