FAST NEWS

24×7 Around the Globe

ලෝක ජල දිනය අදයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලෝක ජල දිනය යෙදී තිබෙන්නේ අද (22) දිනයටයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ලෝක ජල දිනය සමරන්නේ එය මේ වනවිට නොසලකා හැරිය නොහැකි දෙයක් බවට පත්වීම තේමා කරගනිමින්.
1992දී පැවැති පරිසරය හා සංවර්ධන පිළිබඳ ඵක්සත් ජාතීන්ගේ සමුළුවේදී නැවුම් ජලය පිළිබඳ ජාත්‍යන්තර දිනයක් සැමරිය යුතු යැයි සම්මත වූ යෝජනාවක් මත 1993 වසරේ ප්‍රථම ලෝක ජල දිනය සමරනු ලැබීය.
ලෝක ජනගහණයෙන් මිලියන 663ක් පානය කරන ජලය පිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
දරුවන් 700 දෙනෙකු පමණ දෛනිකව ජල දූෂණය සහ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම හේතුවෙන්
ජීවිතක්ෂයට පත්වෙයි.
ශ්‍රී ලංකාවේ බොහෝ පෙදෙස්වල ජීවත්වන ජනතාවට ද තමන් එදිනෙදා පරිභෝජනයට ගනු ලබන ජලය පිළිබද තිබෙන්නේ අවධානම් තත්ත්වයකි.