(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් හෙට (22) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
විධායක ජනාධිපති ධූරය සඳහා සකස් කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇත.
මේ සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂ නායකවරයා හා දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා සිදුකරනු ලැබීය.








