(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ කළුතර නගර සභාවේ වැඩ අධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඩුවම් නියම කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (21) නියම කළේය.
2011 වසරේ දෙසැම්බර් මස 23 වනදා කළුතර නගර සභාවේ පවතින වාහන රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සමාගමකට සහය ලබාදෙන බවට පවසමින් අදාළ සැකකරු රුපියල් 15,000 ක අල්ලසක් ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.








