FAST NEWS

24×7 Around the Globe

මාඳුරුඔය ජලාශයට පාවෙන මෙගා වොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා අනුමැතිය…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාඳුරුඔය ජලාශයේ පාවෙන මෙගා වොට් 100 ක සූර්ය බලාගාරයක් ඉදිකිරීම සදහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

අදාළ යෝජනාව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකි.

මේ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධ ව්‍යාපාතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබිණි.