(ෆාස්ට් නිව්ස් | කොළඹ) අද (21) සහ හෙට (22) කොළඹ, ගම්පහ , කලුතර , පුත්තලම හා මඩකලපුව දිස්ත්‍රික්වල ඩෙංගු අවධානම හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 44 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සදහා ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගැනෙනු ඇත.
විටින් විට ඇතිවන වැසි තත්ත්වය නිසා ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් නිවාස , පාසල් , කර්මාන්තශාලා හා ආගමික ස්ථාන මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.








