FAST NEWS

24×7 Around the Globe

අද (21) සවස් භාගයේ ප්‍රදේශ කීපයකට තද වැසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අද (21) පස්වරු 2 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවලට ද ප්‍රබල අකුණු තත්ත්වයක්ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.