FAST NEWS

24×7 Around the Globe

බෙලි අත්ත සභාවේ විපක්ෂ නායකට වෙඩි වැදි රෝහල් ගත කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක කපිල අමරකෝන් (44) අද (20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.

අද පෙරවරු 6.15 ත් 07ත් අතර කාලයේදී විපක්ෂනායකවරයාට වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුල සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

බෙලිඅත්ත  පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.