FAST NEWS

24×7 Around the Globe

මුරලිදරන් වසර 19ක තරගයේ වීරයා සම්මාන සියල්ල ගුඩ්නිස් පදනමට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිය වසර 19ක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය තුළ ලබාගෙන ඇති සියලුම තරග වීරයා සම්මාන ඔහු භාරකාරත්වය දරණ ගුණජය සතුට පදනමට (ගුඩ්නිස්) පරිත්‍යාග කර ඇත.

එම පදනමේ මූලස්ථානයේ ඉදිකිරීමට යෝජිත‘මුරලි කෞතුකාගාරය’වෙත මුරලි මෙසේ සිය තරග වීරයා සම්මානයන් පරිත්‍යාග කර තිබේ.

එසේම මෙම කෞතුගාරය වෙත කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සිහිවටනයන් ලබාදෙන ලෙස මුරලි ඉල්ලීමක් කර ඇතැයිද එම පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර සඳහන් කරයි.