FAST NEWS

24×7 Around the Globe

රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරික්ෂණයට වේලාව ගැනිම ඔන්ලයින් ක්‍රමයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඔන්ලයින් ක්‍රමය මගින් නිවසේ සිටම රියදුරු බලපත්‍ර සදහා අවශ්‍ය වෛද්‍ය පරික්ෂණ කරවා ගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ බලධාරින්ට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

අද (19) දින ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රගති සමාලෝචන රැස්විමේදි මෙ බව සඳහන් කළේය.

රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලයට සහ දිස්ත්‍රික් කාර්යාල වලට පැමිණෙන අයදුම්කරුවන් හට දිගු කාල වේලාවක් පෝලිම් වල රැදි සිටිම මඟ හරවා ගැනිමට මෙම ඔන්ලයින් ක්‍රමය මගින් හැකිවෙතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

විදේශිය රටවල් ද මෙම ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.