FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩු 04 කින් නිදහස් වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මෙම නඩුවල පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත් අධිකරණය අනතුරුව විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමට ද නියම කළේය.

අමාත්‍යවරයෙකකු ලෙස කටයුතු කළ අවධියේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩු හතර ගොනු කර තිබුණි.