FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා සහිතව වැඩ තහනමට ලක් කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වැනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.

මේ අතර අදාළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාලක ද සිල්වා මහතාට එල්ල වී ඇති චෝදනා සනාථ කිරීම සඳහා තිබෙන සාක්ෂිවල සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) දිනයේදී අධිකරණයට භාර දීමට කටයුතු කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.