FAST NEWS

24×7 Around the Globe

උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වසරේදී උපාධිධාරී ගුරුවරුන් 8,500 ක් බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

මෙම බදවා ගැනීම සිදුකරනු ලබන්නේ උපාධිධාරීන් 20,000 කට රාජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේයි.

ඒ අනුව උපාධිධාරීන් 500ක් පළමුව බඳවා ගන්නා අතර ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3500ක් බඳවා ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට අමතරව උසස් පෙළ හදාරන සිසුන්ට සහ ගුරුවරුන්ට මේ වසරේදී අනිවාර්යෙන්ම ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.