FAST NEWS

24×7 Around the Globe

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉන්ෆ්ලුවන්සා ඉහළයෑමේ අවධානමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවලදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉන්ෆ්ලුවන්සා උණ රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

ගාල්ල – කරාපිටිය රෝහල, බලපිටිය, ඇල්පිටිය සහ කඹුරුපිටිය යන රෝහල්වල ඉන්ෆ්ලූවෙන්සා රෝගීන් කිහිප දෙනෙකුම වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙන අතර, ඒ පිළිබදව මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැනුවත් කර වහාම ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් දැනුම්දී තිබේ.

මෙම තත්ත්වය පසුගිය සතියක කාලයක පමණ සිට සුඵ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කර සිටියේය.