FAST NEWS

24×7 Around the Globe

විනෝද චාරිකාවක් ගිය බස් රථයක් අනතුරට ලක්වී පාසල් ළමුන් 13 ක් රෝහලට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අද (19) පෙරවරු 08.30 ට පමණ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේදී පාසල් ළමුන් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක් යමින් සිටි පුද්ගලික බස්රථයක් අනතුරට ලක්විය.

අනතුරින් පාසල් ළමුන් 13 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

විනෝද චාරිකාවක යමින් සිටි පාසල් ළමුන් පිරිසක් රැගත් පුද්ගලික බස්රථය ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්.

අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇති අතර අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.