FAST NEWS

24×7 Around the Globe

විදුලිය බිඳ වැටිම් තවදුරටත්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෝෂයකට ලක්වු ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති නමුත් යන්ත්‍රය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (19) දහවල් වන විට එම ජනන යන්ත්‍රයෙන් නිපදවන විදුලි ජාතික පද්ධතියට එක්ළ හැකිවනු ඇති බවට විශ්වාසය පල කරන බවද හෙතෙම පැවසීය.

මෙම තත්වය හේතුවෙන් අද (19) උදාසන කාලයෙත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය බිදවැටීම් සිදුවිය හැකි බවද සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.