FAST NEWS

24×7 Around the Globe

ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපති හා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊච්චන්කුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (18) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊච්චන්කුලම් පොලිස් වසමේ කල්මඩුල ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් සිදුකළ කැණීමකට ආධාර අනුබල දීමේ චෝදනා මතයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය 17 වනදා ද සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.