FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු 07 දෙනාට ඇප..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ඇතුළු වග උත්තරකරුවන් 07 දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට පොලොන්නරුව මහාධිකරණ විනිසුරු ඉන්දික සුමේධ සුරවීර මහතා අද (18) නියෝග කළේය.
පසුගිය ජනාධිපති සමයේ 2015 ජනවාරි මස 03 වෙනි දින පොලොන්නරුව, අරලගංවිල නගරයේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට පහරදී, වෙඩි තබා මිනී මැරීමට තැත්කිරීම, සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ බවට ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබීය.