FAST NEWS

24×7 Around the Globe

මිරිදිය ධීවර කටයුතුවල සිදුවන නීතිවිරෝධී ක්‍රියා මැඩලීමට විශේෂ වැටලීම් ඒකකයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිරිදිය ධීවර කටයුතු වලදී සිදුවන නීති විරෝධී ක්‍රියා පාලනයට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත.
ඊට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසට රාජ්‍ය අමාත්‍යතුමා විසින් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත උපදෙස් ලබාදී තිබේ.
රට අභ්‍යන්තරයේ විශාල ජලාශ , කාලීන ජලාශ සහ මධ්‍යකාලීන ජලාශ 12,000 ක පමණ මිරිදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක වේ .
ඒ ආශ්‍රිතව 40,000 ක් පමණ සංඛ්‍යාවක් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරතව සිටී.
දිනකට මිරිදිය ධීවර කාර්මිකයෙකු නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්නට වඩා විශාල මත්ස්‍ය අස්වැන්නක් නීති විරෝධී පන්න භාවිත කරන සහ ධීවරයින් නොවන පුදගලයින් එකවර නෙලාගැනීම හේතුවෙන් මෙම කර්මාන්තයට විශාල තර්ජනයක් මේ වන විට එල්ල වී තිබේ.