FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර පළාතෙන් ප්‍රථම සූර්යකෝෂ වාරිමාර්ග ව්‍යාපෘතිය ඇරඹෙයි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර පළාතේ ප්‍රථම වතාවට සූර්ය කෝෂ මගින් වාරිමාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන අතර , එය මඩකලපුව කලුතාව්ලා ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.
රුපියල් එක් කෝටියක මුදලක් වියදම් කරමින් ඉදිකරන ලද මෙය වාරිමාර්ග ගොවීන්ට, වගාකරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
මෙම වාරිමාර්ග ක්‍රමය අනුව මේ ප්‍රදේශයේ අක්කර 400 කට වැඩි ඉඩම්වල වී වගා කිරීමට හැකිවන අතර වී වගා කිරීමේ කාලය හැර අතුරු භෝග වගා කිරීමේ අවස්ථාවක්ද උදාවී තිබේ.
මෙම ක්‍රමය මගින් ගොවීන්ට දිර්ඝව ප්‍රතිලාභ ලැබෙනු ඇත.