FAST NEWS

24×7 Around the Globe

ජනනාත් වරකාගොඩට ඇප..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉකුත් 12 දා කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පදික මාරුවේදී මාරක රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතඥ ජනනාත් රංගන වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
ඔහු රුපියල් 10,000 මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කෙරුණී.
නඩු කටයුතු අවසන් වන තුරු විත්තිකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටද නියෝග කෙරුණි.
විත්තිය විසින් අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දී ඇතැයි ද අධිකරණයේ දී කියවිණි.
රුපියල් ලක්ෂයක වන්දි මුදලට අමතරව තවත් රුපියල් 50,000 ක වන්දි මුදලක් විත්ති පාර්ශවය විසින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් (මරණකාරියගේ සොහොයුරිය වන ඩී.සිල්වා යන අයට) විවෘත අධිකරණයේදී ලබා දුන්නේය.
නඩුව යළි අප්‍රේල් 29 වැනි දා යළි කැඳවීමට නියමිතය.