FAST NEWS

24×7 Around the Globe

සා.පෙළට හැදුනුම්පත් නිකුත් කිරිම ඇරඹෙයි..

(ෆාස්ට්  නිව්ස් – කොළඹ) – 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම දැන් ආරම්භ කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ කොමසාරිස් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.
අදාල අයදුම්පත් මාර්තු 31 වැනිදාට පෙර දෙපාර්තමේන්තුවට යොමුකරන්නැයි චක්‍රලේඛයක් මගින් සියලු විදුහල්පතිවරු දැනුවත් කර ඇති බවත් හෙතෙම පවසයි.
මෙවර සිසුන් තුන්ලක්ෂ පනස්දහසකට ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමට නියමිත නමුත් මෙතෙක් දෙපාර්තමේන්තුවට ලැබි ඇත්තේ අයදුම්පත් තිස්දහසක් පමණක් බව ඉලුක්පිටිය මහතා පෙන්වා දෙයි.