FAST NEWS

24×7 Around the Globe

සතියක් ඇතුළත කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක්…(photos)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින වියළි කාලගුණය හේතුවෙන් සතියක් ඇතුළත දී මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල ජලාශ අවට කෘතීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ලංකා විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජී.එස්. ගුණසේකර මහතා සදහන් කරයි.
කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතවකින් විදුලි උත්පාදනය සිදු කෙරෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
වික්ටෝරියා සහ කොත්මලේ ජලාශවලද ජල මට්ටම පහල බැස ඇති නිසා තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනක මෙරටට පැමිණ කෘතීම වැසි ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කල බවත් වාර්තා වෙයි.
කාලස්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැසීම හේතුවෙන් එම ජලාශ ඉදි කිරීමේදී යටවූ නටබුන් රැසක් මේ වන විට මතුවී තිබේ.