FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරුට ඇප..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු වට රවුම අසල පැවති විරෝධතාවයක් අතරතුර පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් දෙහිදෙණිය ඇප මත නිදහස් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළ සිට විරෝධතා පා ගමනකින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අතර, මොවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමේදි කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන අද (18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.