FAST NEWS

24×7 Around the Globe

පුත්තලම – කොළඹ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 04 ක් මරුට…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පුත්තලම – කොළඹ මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී අද (18) අලුයම 1.45 ට පමණ වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 04 දෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු පමණ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.
යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බව ද වාර්තා වෙයි.
වෑන් රථයේ රියැදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර , මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.