FAST NEWS

24×7 Around the Globe

අද (17) හා හෙට (18) වැසි..

(ෆාස්ට් නිව්ස් කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (17) සහ හෙට (18) සවස් සහ රාත්‍රී කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයක්ට මිලිමීටර 100 ඉක්මවූ වැසි හා වයඹ පළාතේ ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ඉක්මවූ ඇති විය හැකි බව එහි සඳහන්.
එම පළාත් හා දිස්ත්‍රික්කවල තාවකාලික තද සුළං සහ ප්‍රබල අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.