FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යළිත් නඩුවක් විභාග වන ලකුණු…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව නව නඩු විභාගයක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ලබන මැයි 07 වනදා සිට ආරම්භ වන බව වාර්කා වෙයි.
2018 පෙබරවාරි 04 වනදා ලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරොධතාවයක නිරතවූ පිරිසකට කල තර්ජනයක් සම්බන්ධයෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල විය.
ඒ අනුව ඔහුට එරෙහිව නඩු විභාගයක් ආරම්භවූ අතර රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පැවතීම හමුවේ වරෙන්තු අහෝසි කෙරුණු අතර ඔහු විසින් දැක්වූ අභිනය ඊට යටත් නොවන බවයි බ්‍රිතාන්‍ය නීති බළධාරීන් පෙන්වා දී තිබේ.
ඒ අනුව නැවත වරක් ඔහුට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.