FAST NEWS

24×7 Around the Globe

ආනයනික කිරිපිටි මිලත් මාස 03කට වරක් සංශෝධනය වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෑම මාස 03 කට වරක් ආනයනික කිරිපිටි මිල සලකා බලා මිල සංශෝධනය කෙරෙන බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.
එම අධිකාරිය නිකුත් කළ උපරිම සිල්ලර මිලට අනුව, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල රුපියල් 370ක් වන අතර, කිලෝග්‍රෑම් එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 920 ක් වේ.
ග්‍රෑම් 18 රුපියල් 20කට, ග්‍රෑම් 60 රුපියල් 60කට, ග්‍රෑම් 70 රුපියල් 65 කට, ග්‍රෑම් 150 රුපියල් 140කට සහ ග්‍රෑම් 250 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 230කට අලෙවි කළ යුතු අතර ග්‍රෑම් 900 කිරිපිටි පැකට්ටුවක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 820 ක්.