FAST NEWS

24×7 Around the Globe

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ සැකකරුවෙකුට ස්ථාන මාරුවක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් රෝහණ, අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලගේ මහතා නියෝග කරනු ලැබීය.
සැකකරු මාතර බන්ධනාගාරයේ රඳවා සිටි අතර, ඔහුගේ නීතිඥවරුන් මෝසම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ බන්ධනාගාරය තුළදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අතර ගැටුම් හට ගෙන ඇති බැවින් ඔහු රඳවා සිටින ස්ථානය මාරු කරන ලෙසටයි.