FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොටදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුනු තොරතුරකට අනුව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඇමෝනියම් නයිට්රේට් කිලෝ 225ක්, ජෙලට්නයිට් කූරු 196ක් සහ ඩෙටනේටර් 100ක් සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා හම්බන්තොට පොලිසියට භාරදී ඇත.