FAST NEWS

24×7 Around the Globe

ක්‍රයිස්ටර්චර්ච්හි ප්‍රහාරය සහ තරඟය අත්හිටුවිම ගැන අයි.සී.සී යෙන් නිවේදනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ක්‍රයිස්ටර්චර්ච්හි අද (15) සිදුවු වෙඩි ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ අයගේ පවුල්වල සහ මිතුරන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශෝකය ප්‍රකාශ කර සිටින බව එහි විධායක අධ්‍යක්ෂ ඩෙවිඩ් රිචඩ්සන් මහතා නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
එසේම හෙට (16) දිනයේ පැවැත්විමට තිබු නවසීලන්ත – බංග්ලාදේශ තෙවන ටෙස්ට් තරඟය අවලංගු කිරීමට ගත් තීරණයටද අයි.සී.සී යේ පූර්ණ සහයෝගය හිමීවන බවද එ මහතා අවධාරණය කර තිබේ.