FAST NEWS

24×7 Around the Globe

අධික ශබ්දයෙන් නළා හඩවමින් රිය ධාවනය කළ 7908 කට නඩු..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා අධික ශබ්ද සහ ආලෝක සංඥා නිකුත් කරමින් රිය ධාවනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දෙදිනක් පුරාවට සිදුකළ මෙහෙයුම් වලදී නඩු 7906 ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.
පසුගිය 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී නඩු 3511 ක් ලබාගෙන ඇති අතර, පසුගිය මස 14 වැනිදා සිදුකළ වැටලීමේදී නඩු 4395 ක් ලබාගත් බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ අධික ශබ්දය නිකුත් කරන නලා භාවිත කරමින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින්ය.
විවිධ වෛවර්ණ ආලෝක සංඥා සැරසිලි ලෙස යොදා ගනිමින් ධාවනය කෙරෙන රථ වාහන ද මෙහිදී ඉලක්ක කරගෙන මෙහෙයුම් සිදුකර ඇත.